පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.
“බදාදා ආණ්ඩුවේ මාධ්‍ය හමුවට කියන්නේ මුසාවේ දිනය විදිහටයි. රාජිත සේනාරත්න ඇමතිතුමා එක සතියට එක බොරුවක් කියන ඇමති කෙනෙක් පට්ට පල් බොරුවක් කිව්වා. අවා කල්ලිය නැමැති යාපනයේ ක්‍රියාත්මක වන පාතාල කල්ලිය බිහි වුණේ රාජපක්ෂ යුගයේ දී කියලා. ඒක පට්ටපල් බොරුවක් රාජපක්ෂ යුගයේ ආවා කල්ලියක් පිළිබද මම හිටපු ආරක්ෂක ලේකම් තුමාගෙනුත් ප්‍රශ්න කලා එතුමා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්න කිව්වා අපේ ආණ්ඩුව පරදින තුරුම තිබුණේ නෑ කියලා. ආවා කල්ලිය ඇති වුණේ කොටි සුරතල් කරන මේ ආණ්ඩුව සමයේ අපේ කාලයේ පොලිස් නිළධාරියෙකුට අත තියන්නවත් හිටපු කොටි ත්‍රස්තවාදින් පැකිලුනා.
අද හිටපු කොටි ත්‍රස්තවාදින් ආයුධ අතට අරගෙන පොලිස් නිළධාරින් කපා කොටා මරන තත්වයටම උතුර අරාජික වෙලා තියෙනවා. වැඩබැරි මේ ආණ්ඩුව හැමදාමත් කරන්නේ තමන්ගේ වගකීම අන් අයට චෝදනා එල්ල කරමින් ඉන්නවා. ආණ්ඩුව කළ යුත්තේ රටේ ප්‍රශ්න විසදීම මිස අනිත් අයට ඇගිල්ල දිගු කිරීම නෙවෙයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබුණා කොටි ත්‍රස්තවාදය නැගිට්ටේ ජේ ආර් ජයවර්ධන යුගයේය චන්ද්‍රකා මැතිණිය මේ රටේ යටිතල පහසුකම් හදන්න කිසිවක්ම කරලා නැත. ඔය දෙක කිය කිය ජේ ආර් මහත්තයාටයි චන්ද්‍රිකා නෝනටයි බැන බැන ඉන්න. ප්‍රේමදාස මහත්තයටත් බනින්න තිබ්බ සුභසාධනය ගැන දුප්පත් කම නැතිකරනවා කිව්වට නැති කළේ නෑනේ කියලා. ඒතුමා ජේ ආර් මහත්තයාට බැන බැන ඉන්නේ නැතුව එතුමගේ කාලයේ බිහි වුන කොටි ත්‍රස්තවාදය නැති කලා.
චන්ද්‍රිකා මැතිණියගේ අවුරුදු 11ක අදුරු කාලයට බැන බැන ඉන්නේ නැතුව රට පුරා යටිතල පහසුකම් දියුණු කලා. ප්‍රේමදාස ජනාධිපතිතුමාට දුප්පත් කම තුරන් කරනවා කියලා බැරි වුණාට සරදම් කරනවා වෙනුවට ශ්‍රි ලංකාවේ දිලිදුකම 16% සිට 6% දක්වා පහතට අරගෙන ආවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ දිළිදුකම 9% ශ්‍රි ලංකාවේ 6%. මේ කතාවට හපන් වැඩ බැරි ආණ්ඩුවක් කියන එක රාජිත සේනාරත්න ඇමතිතුමා තමන්ගේ මාධ්‍ය හමුවලින් ඔප්පු කරමින් ඉන්නේ.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.