FAST NEWS

24×7 Around the Globe

ධූරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කවුරුත් ඉල්ලීම් කලේ නෑ..

තමන් සම්බන්ධයෙන් මේ දිනවල පළ වන බොහෝ අදහස් තමන්ගේ චරිතය ඝාතනය කිරීමට දරණ උත්සහයක් බව අමාත්‍ය රවී කරුණානායක බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව චෝදනා එල්ල වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ අදහස් විමසීමකදී පැවැසීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළ යුත්තේ කුමක්දැයි ඉදිරියේදී තීරණය කරන බවයි.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.