FAST NEWS

24×7 Around the Globe

රවීට අස්වෙන්න යැයි ජනපති කියයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් පැවසේ.