FAST NEWS

24×7 Around the Globe

පෙම්වතියගේ නිර්භීතබව බලන්න පෙම්වතෙක් කළ අපූරු වැඩක්.. (ඡායාරූප)

විවාහ ගිවිස ගැනීමේදී පෙම්වතියගේ නිර්භීතභාවය පරීක්ෂා කිරීමට සිංහයන්, යෝධ පිඹුරන් යොදා ගනිමින් අපූරු පරීක්ෂාවක් සිදු කළ සර්කස්කාරයෙක් ගැන ඊජිප්තුවෙන් වාර්තා වේ.

මෙම අපූරු පෙම්වතා වන්නේ මොහොමඩ් අල් යමානි නැමැති විසි තුන් හැවිරිදි තරුණයෙක් වන අතර මේ අපූරු සර්කස්කරුගේ පෙම්වතිය තවමත් විසි හැවිරිදි වියේ පසුවන්නියකි.

සූවස් ඇළ අසල පිහිටි ගම්බද නගරයකදී සර්කස් ප්‍රදර්ශනයන් පවත්වමින් සිටින අතරවාරයේදී මොවුන් විවාහ ගිවිස ගන්නා අතර මෙහිදී අල් යමානි විසින් එකවරම යෝධ පිඹුරෙකු සිය පෙම්වතියගේ කරමත දමා මෙලෙස නිර්භීත භාවය පරීක්ෂා කර ඇති බව සදහන්ය.

පසුව ඔහුද සිංහ පැටවෙකු සිය කරමත තබා ගනිමින් සිය පෙම්වතිය ළගට පැමිණි ඇති අතර ඔහුගේ මෙම අනේපේක්ෂිත ක්‍රියාවෙන් පෙම්වතියගේ පවුලේ උදවිය මෙන්ම අල් යමානිගේ පවුලේ උදවිය පවා පුදුමයට පත්වී ඇති බව පැවසේ.

සිය පෙම්වතිය මෙලෙස පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල් යමානි කියා සිටියේ තමන් ඇය සමඟ සිංහ කූඩුව අසලට යන විට ඇයගේ මුහුණෙන් දැඩි බියක් පළ කෙරී තිබූ බවත් ,නමුත් සතුන් හීලෑ කර ගැනීමේ උපක්‍රමයන් ගැන කළ යුතු දෑ ගැන කියා දීමෙන් ඇය තුළ පැවති බිය සමනය වූ බවත්ය.

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.

 

C. රොද්‍රීගු