FAST NEWS

24×7 Around the Globe

යුග දිවිය ගැන කියන ගමන් නාමල් ගැන සචිත් පීරිස් කියූ හැටී..

වර්තමානයේ ඉතා දක්ෂ ගීත නිර්මාණ ශිල්පියෙක් වන සචිත් පීරිස් පහුගිය අගොස්තු පළමුවැනිදා යුග දිවියට එළඹුන බව වාර්තා විය.

නමුත් සචිත්ගේ ‍මංගල ඡයාරූපයක් හෝ විවාහ මංගල උත්සව පේන්න නොතිබීම ගැන සචිත්ගේ රසිකයින්ට යාලුවන්ට මෙන්ම ලඟම හිතවත් අය ප්‍රශ්ණයක් වී තිබූ බව සදහන් වුණි.

ඒ සෑම පැනයකටම පිළිතුරු ලෙස සචිත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළකරලා තිබූ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ගැනත් සචිත් මෙහිදී පවසා තිබුණි.

එම සටහන පහතින්..

‘‘සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි !
විශේෂ දෙයක් තියනවා කියන්න,

ගොඩක් දෙනා මගෙන් ඇහුවා wedding photo එක දාන්න කියලා. මගේ යාලුවෝ, ලඟම හිතවත් අය, නෑදැයෝ ඇහුවා අපිට wedding එක කිව්වේ නෑ නේ, අපිට Party එකක් ඕන වගේ දේවල්. එතකොට තවත් සමහර අය මගෙන් ඇහුවා අයි නාමල් රාජපක්ෂට කතා කරේ, අයි එයා එක්ක photo එකක් දැම්මේ ඔයාට හොඳ නෑ නේද කියලා මේ හැම දේකටම මම උත්තර දෙන්නම්. Wedding photo එකක් දාන්න අපි wedding photo එකක් ගත්තේ නෑ, Pre Shoot එකක් කරේ නෑ .අද දාපු photo එකත් මගේ camera එකෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් ගත්ත එකක්. Wedding එක කිව්වේ නැති හේතුව, අපි wedding එකට වෙන් කරලා සල්ලි වලින් බොහොම පොඩි මුදලකින් අපේ Registration එක විතරක් කරා. පවුලේ අයයි හැම වෙලාවේම ලඟින් හිටිය යාලුවෝ 4 දෙකුටයි විතරයි කිව්වේ. මමත් මගේ wifeත් දෙන්නම මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නේ නෑ සහ මත්පැන් සිගරට් බොන්නේ නෑ. ඉතින් wedding එකක් කරොත් එන අයට ඒවා දෙන්න වෙන්නෙත් නෑ.

අනිත් එක අපි දෙන්නට ආරාධනා කරන්න සැහෙන පිරිසක් ඉන්නවා. ඉතින් එච්චර ලොකු මුදලක් එක දවසකට නාස්ති කරන්නේ නැතුව ඉතුරු සේරම මුදල් වලින් දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙන්න අපි තීරණය කරා. එකේ වැඩ ඉක්මනින්ම පටන් ගන්නවා හැබැයි ඉවර උනාම ඒවගේ photos දාලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්නේවත් ඒ අයට උදව් කරා කියලා Publicly ගන්නවත් අපිට අදහසක් නෑ. එහෙම කරන්නෙත් නෑ.

නාමල් රාජපක්ෂයි ,අරවින්ද ලොකුගේ නැත්නම් (Dj ආරා) තමයි අපිට සාක්ෂි අත්සන් කරේ. එකටත් හේතු ගොඩක් තියනවා. නාමල් මගේ පොඩි කලේ ඉඳන් යාළුවා. එයා නිසා තමයි මම අරක්කු සිගරට් කිසි දෙයක් බොන්නේ නැත්තේ. ඉස්කෝලේ යන කාලෙම අපි ඕවට යොමු වෙනකොට ,test karanna හදනකොට ඒවා වැරදයි කියලා හොඳ මගට ගත්තේ එයයි. අනිත් එක එයා තමයි මගේ wifeට මාව ගැලපෙනවා කියලා මාව marry කරන්න කියලා මුල්ම කපුකම කරේ . අරවින්ද අයියා ගැන කියනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියනවා.

ඉතින් ලොකු ඉල්ලිමක් තියනවා කරන්න. පුළුවන් නම් ලොකු weddings ගන්නේ නැතුව සාමන්‍ය විදිහට කරලා. එකට වෙන් කරපු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදව් කරන්න. පුළුවන් උපරිම විදිහට. ඒක පුළුවන් නම් Trend එකක් කරගන්න. එතකොට මේ පුංච් රටේ නැති බැරි අය ගොඩකට හොඳක් වෙයි. ස්තූතියි…‘‘

“සචිත් පීරිස්”