FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ පෙම්වතිය ගැන පැතිරෙන කතාව අධිකරණයට යයිද..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑතකදි එක්වුණු දක්ෂතම ක්‍රීඩකයෙක් ලෙස හැදින්වෙන 22 හැවිරිදි වියේ පසුවන කුසල් මෙන්ඩිස් පිළිබද මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල බොහෝ දෙනෙකු කතා කරමින් පවතියි.

ඒ, කුසල් මෙන්ඩිස් ප්‍රමෝදි කෞෂල්‍යා නම් වූ නිරූපන ශිල්පිනියත් සමග පටන් ගෙන ඇති ප්‍රේම සම්බන්ධය පිළිබදවයි.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීයා – ශ්‍රී ලංකා තරග සංචාරය නිසා කුසල්ට කතා කිරීමට ඉඩකඩ නොමැති වුවත් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න කුසල්ගේ පෙම්වතිය වන ප්‍රමොදී පැවසූවේ මෙහෙම කතාවකි.

‘‘කුසල් මගේ හොද යාළුවෙක් විතරයි. අපි අතර ඔය කියන විදිහේ කිසිම සම්බන්ධයක් නැහැ. මම කුසල්ව දන්නේ මීට අවුරුදු දෙක තුනකට කලින්. ඒ මගේ යාලුවෙක් මාර්ගයෙන්. අපි කතා බහ කරනවා. ඒක ඇත්ත නමුත් මගෙයි එයාගෙයි ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියන එකත් අපි විවාහ ගිවිසගෙන කියන කතාවත් බොරුවක්.

කවුරු හරි මඩ ගහනවා. අනික මට වඩා කුසල් බාලයි. මල්ලි කෙනෙක් වෙන්නේ. මේ සිද්ධියෙන් පස්සෙත් එයා මාත් එක්ක කතා කළා. දිගටම මේ කතාව සමාජ ජාල වෙබ් අඩවි වල ගියොත් මම අපි නීතිමය පියවර ගන්න හිතාගෙන ඉන්නේ.“