FAST NEWS

24×7 Around the Globe

පාසලක් නිසා සිත් තැවුලට පත් දේශපාලනයෙන් සමුගත් මන්ත්‍රීවරයා මෙන්න..

‘‘පාසල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබුවේ අපි. රජයෙන් මුදල් පාස්‌ කරගත්තේ අපි. ඒත් ජනාධිපතිවරයා ගොඩනැඟිල්ල විවෘත කරද්දී අපිට ආරාධනාවක්‌ වත් නෑ‘‘. යැයි පවසමින් සිත් කලකිරුණ හිටපු (එජාප) මන්ත්‍රීවරයෙකු දේශපාලනයෙන් සමුගෙන තිබේ.

හිරියාල ආසනයේ හමීඩියා මුස්‌ලිම් විදුහලේ පසුගිය (ජුලි 26) වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට තමන්ට හා හිරියාල ආසනයේ එ.ජා.ප. සංවිධායක ජගත් මංජුල මහතාට ආරාධනා නොලැබිණි යෑයි සිත් කලකිරීමට පත් හිටපු එ.ජා.ප. ප්‍රා.ස. මන්ත්‍රී එන්. එල්. එම්. ජනාන් මහතා මෙසේ දේශපාලනයෙන් සමුගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ සංකල්පයට අනුව ළඟම පාසල හොඳම පාසල තේමාව අනුව හිරියාල ආසනයේ දුෂ්කර පාසල් 05 කට ගොඩනැඟිලි ඉදිකර ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 26 වන දින විවෘත කරන ලදී.

මෙකී ගොඩනැඟිලි ඉදිකිරීමේදී හා මුල් ගල් තැබීමේදී හිරියාල (එජාප) සංවිධායක ජගත් මංජුල මහතා හා ජනාන් මන්ත්‍රීවරයාගේ දැඩි කැපවීම හා උත්සාහය මත සිදුකරන ලද බවත් පවසන ලදී.

එසේ ගොඩ නගන ලද ගොඩනැඟිලි විවෘත කිරීමේදී ඉබ්බාගමුව ප්‍රා. ස. හිටපු සභාපති හා වත්මන් හිරියාල ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායක දොන් කමල් ඉන්දික (ඉන්දු) මහතා තමන්ට ආරාධනාවන් නොකළැයි දැඩි සිත් කලකිරීමකට පත්ව මෙසේ දේශපාලනයෙන් ඉවත්ව ඇත.