FAST NEWS

24×7 Around the Globe

පේ‍්‍රමදාසයේ මතට තිත – ක‍්‍රීඩාපිටියට විශේෂ ආරක්‍ෂාවක්.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ඉදිරි තරග දෙක සඳහා විශේෂ ආරක්‍ෂාවක් ලබාදෙන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා පැවසුවේ ලබන බදාදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේ ද ආරක්‍ෂාව දැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

පේ‍්‍රමදාස ක‍්‍රීඩාපිටිය භාර ආරක්‍ෂක නිලධාරීන්, පොලිසියේ උසස් නිලධාරීන් සමග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී වැඩි අවධානයක් යොමුවී ඇත්තේ තරගවලට සහභාගිවන ක‍්‍රීඩාලෝලීන් විධිමත් අයුරින් සෝදිසි කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳවයි.

පෙරේදා (19 පැවති තරගයට සහභාගි වු ක‍්‍රීඩාලෝලීන් නිසි පරිදි සෝදිසි නොකළ බවට චෝදනා එල්ල වීම ඊට හේතුවුණා. කෙසේවෙතත් සිදත් වෙත්තමුණි මහතා පැවසුවේ ඉදිරි තරගවලදී ක‍්‍රීඩාලෝලීන් සෝදිසි කිරීම් දැඩි කිරීමට ඊයේ (20)පැවති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණි බවයි. එහි ප‍්‍රධාන අරමුණ වන්නේ ක‍්‍රීඩාලෝලීන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන ක‍්‍රීඩාංගණය තුළට ඇතුළු වීම වැළැක්වීමයි.

මීට අමතරව දෙරට අතර පැවැත්වෙන ඉදිරි තරගවල ආරක්‍ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවීමට ද තීරණය කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.