FAST NEWS

24×7 Around the Globe

පිලිප් කුමරු නිල උත්සව වලින් සමුගනී – හේතුව මෙන්න..

බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු තනිව සහභාගි වන සිය අවසන් නිල උත්සවය සඳහා සහභාගි වී ඇති බව වාර්තා විය.

අනූ හය හැවිරිදි පිලිප් කුමරු අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නිල රාජකාරි කටයුතුවලින් සමුගන්නා බවට මැයි මාසයේදී දැනුම් දීමෙන් අනතුරුව මේ ලෙස අවසන් නිල උත්සවය සඳහා සහභාගි වී තිබේ.

වාර්තා පෙන්වා දෙන පරිදි වසර 1952 සිට පිලිප් කුමරු උත්සව විසිදෙදහසකට අධික ප්‍රමාණයකට තනිව සහභාගි වී ඇති අතර එම උත්සවයන්හිදී පන්දහස් පන්සිය වාරයක් පැමිණි පිරිස් අමතා කතා පවත්වා ඇතැයිද පැවැසේ.