FAST NEWS

24×7 Around the Globe

පූටින්ගෙන් වොෂිංටනයට පණිවුඩයක්..

රුසියාවට එරෙහි නව සම්බාධක පැනවීමේ පනතට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීමත් සමග ‘‘අපත් සමග අවුල් වල පැටලෙන්න එපා‘‘ යැයි රූසියානු ජනපති ව්ලැඩ්මීර් පූටින් වොෂිංටන් වෙත පණිවුඩයක් එවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී රුසියානු මැදිහත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස ඇමරිකාව විසින් නව සම්බාධක පනවා ඇති අතර ජනාධිපතිවරයා පනතට අත්සන් තබා ඇත්තේ ධවල මන්දිරයේදීය.

අමෙරිකානු ජනාධිපතිවරණයට තම මැදිහත්වීම පිළිබඳ චෝදනාව රුසියාව ප්‍රතික්ෂේප කර ඇති අතර නව සම්බාධක මගින් න්‍යෂ්ටික එකඟතාව උල්ලංගණය වන බව ඉරානය ද සදහන් කර ඇතැයි පැවසේ.