FAST NEWS

24×7 Around the Globe

යාපනයේ තරුණයන් ආයෙත් කපා දමා ගියේ ආවා කල්ලියෙන් ඇවිත්ද..?

යාපනය චුන්නාකම් පොලිස් වසමේදී කන්කසන්තුරෙයි මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ නාදුනන යතුරු පැදි කණ්ඩායමක් විසින් තවත් තරුණයින් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා දමා පලා ගොස් ඇති අතර කැපුම් තුවාල ලත් දෙදෙනා රෝහල්ගතකොට ඇති බවට චුන්නකම් පොලිසිය කියා සිටියේය.

චුන්නාකම් පොලිස් වසමේ කෙ.කේ.එස්.මාර්ගයේ රොට්ටයාල්ලඩි මන්සන්ධියේදී ඊයේ (02) රාත්‍රි 11.30 ට පමණ තුවාල ලත් අදාල තරුණයින් දෙදෙනා ගමන් කොට ඇති අතර එම අවස්ථාවේදී එක වරම පැමිණි නාදුනන යතුරුපැදි කරුවන් කිහිප දෙනෙකු විසින් අදාල තරුණයින් දෙදෙනාට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇත.

මෙසේ පහර කෑමෙන් තුවාල ලත් තරුණයින් දෙදෙනා යාපනය තෙලිප්පලෙයි පොලීසියට ඇතුලත් කොට ඇති අතර තුවාල ලබා ඇත්තේ සින්නරාසා ශ්‍රීකාන්ත් හා යෝගරාසා අනෝස් නැමති තරුණයින් දෙදෙනෙකි.

මෙසේ පහරදුන් කණ්ඩායම හා පුද්ගලයෙකු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම සිදුවීමද ආවා කල්ලියේ ක්‍රියාවක් යැයි චුන්නාකම් පොලීසිය සැක පල කරන අතරම අදාල කණ්ඩායම් සොයා පුළුල් පරික්ෂණයක්ද ආරම්භ කොට ඇති බව වාර්තා වේ.