FAST NEWS

24×7 Around the Globe

2050 වෙද්දී අන්ධ පුද්ගලයින්ගේ වෙනසක්..

වසර 2050 වනවිට ලොව අන්ධ පුද්ගලයින් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යා හැකි බව නවතම සමීක්ෂණයක් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් මගින් සිදුකළ මෙම සමීක්ෂණයට රටවල් 188 ක් දායක කරගෙන ඇති බව සඳහන් වන අතර එහිදී අනාවරණ වුයේ දැනට මිලියන 36 ක් වන අන්ධ පුද්ගලයින් සංඛ්‍යාව 2050 වනවිට මිලියන 115 දක්වා වැඩිවිය හැකි බවයි.

ලොව වයස්ගත ජනගහනය ඉහළ යාම මීට ප්‍රධාන හේතුව ලෙස ද ඔවුන් දක්වා තිබේ.