FAST NEWS

24×7 Around the Globe

හසන් රවුහාහි දෙවන වරටත් ඉරාන ජනාධිපති ධුරයේ දිව්රයි..

පසුගිය මැයි මාසයේදී ඉරානයේ ජනාධිපතිවරයා ලෙස දෙවන වරටත් තෙරී පත්වු 66 හැවිරිදි හසන් රවුහානි සිය දෙවන ධුර කාලය සඳහා අද (03) දිනයේ යළි දිවුරුම් දුන් බව විදෙස් පුවත් වාර්තා පවසයි.

ඔහු නිල වශයෙන් වැඩ භාරගනු ලබන්නේ ලබන 05 වනදා පාර්ලිමේන්තුවේදී සිදුවන අතර ඒ සඳහා රටවල් 92ක් නියෝජනය කරමින් විශේෂ නියෝජිතයන් පැමිණීමට නියමිත බවද පැවසේ.

1981 වසරෙන් පසු ඉරාන ජනාධිපතිවරයෙකු දෙවන වරටත් ධුරයට පත්වූ අවස්ථාව මෙයෙ වීමද සුවිශේෂිත්වයකි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට සම්බාධක පනවා පැය 24 ක් ගතවීමටත් පෙර ඉරාන ජනාධිපතිවරයා ලෙස රවුහානි දිවුරුම් දීම විශේෂත්වයක් බවත්රවුහානි බටහිර රටවල් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට උත්සාහ දරණ ජනාධිපතිවරයෙකු ලෙසද විදෙස් මාධ්‍ය හඳුන්වා දෙයි.

(DE සිල්වා)