FAST NEWS

24×7 Around the Globe

බදු අඩු වුනත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නැ..

ආනයනික තිරිඟු පිටි සඳහා බදු මිල අඩු කර ඇතත් මෙතෙක් පිටි මිල අඩුකර නැති බැවින් පිටි මිල අඩු කරන තෙක් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නැතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පිටි මිල අඩු කළ වහාම, ඊට සාපේක්ෂව පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.

ආනයනික තිරිඟු පිටි හා තිරිඟු ඇට සඳහා පනවා තිබූ බදු මුදල් අඩු කිරීමට රජය ඉකුත්දා පියවර ගෙන තිබිණි. ඒ අනුව ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 25 සෙස් බද්ද රුපියල් 15 දක්වා අඩු කෙරිණි.

(DE සිල්වා)