FAST NEWS

24×7 Around the Globe

නඩු ඉවත් කර ගන්නැයි සෞදියෙන් අමෙරිකාවට ඉල්ලීමක්..

සැප්තැම්බර් ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල කරමින් සෞදි අරාබියට එරෙහිව පනවා තිබෙන නඩුව ඉවත්කර ගන්නා ලෙස සෞදි අරාබිය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

එසේම සිය රට එම ප්‍රහාරයට සම්බන්ධ නැති බවටයි සෞදි අරාබිය දිගින් දිගට සඳහන් කර ඇත.

2001 වසරේ සැප්තැම්බර් 11 වනදා ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයට සෞදි අරාබිය සම්බන්ධ බවට චෝදනා කරමින් ඇමෙරිකාව මෙසේ නඩු පැවරීමට කටයුතු කළේය.

එලෙස පවරා ඇති නඩු සංඛ්‍යාව 25ක් වන අතර ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් 19 දෙනාගෙන් 15 දෙනෙකුම සෞදි අරාබි ජාතිකයින් බව මීට පෙර පරික්‍ෂණවලදී හෙළිවි තිබුණී.

මෙම ප්‍රහාරයට ආධාර අනුබල දීම සෞදි අරාබියට එරෙහිව ඇති චෝදනාව වන අතර ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව 2,500 කට වු අතර විසිදහසකට ආසන්න පිරිසක් ඉන් තුවාල ලැබීය.

ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් මිලියන ගණනක් වන්දි ලෙස ඉල්ලමින් මෙම නඩු පවරා තිබේ.

කෙසේ වෙතත් සෞදි අරාබිය කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා සාධාරණ තීන්දුවක් ලබා දීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සඳහන් කර ඇති බවද වාර්තා වේ.

(DE සිල්වා)