FAST NEWS

24×7 Around the Globe

කතරගමට එන බැතිමතුන්ගෙන් ඉල්ලීමක්..

ඇසළ උත්සව සමයේ කතරගමට රටේ සිවුදෙසින් වන්දනාමාන සඳහා පැමිණෙන බැතිමතුන් මැණික් ගඟ ප්‍රධාන අවට වැව්වල දියනෑමේදී ඒ සඳහා නියමිත ස්ථාන පරිහරණය කරන ලෙස මොනරාගල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා ඉල්ලා සිටී.

සියලුම බැතිමතුන් දියනෑම සඳහා නියමිත ස්ථානයන් පරිහරණය කරන ලෙසද දියනෑම සඳහා සුදුසු ස්ථානවල නාමපුවරු සවිකර ඇති බවද මැණික් ගඟේ කිඹුලන් ගැවසෙන ස්ථාන ලෙස නම් කර තිබෙන තැන්වලින් මැණික් ගඟට නොබසින ලෙසද හෙතෙම තවදුරටත් ඉල්ලා සිටියි.