ඉන්දියාවේ මුම්බ්රා ප්‍රදේශයේ 19 හැවිරිදි ගර්භනී මවක් බිහි කළ දරුවාද ගැබ්බර වී සිටි දුර්ළභ පුවතක් වාර්තා වේ.
මෙම ගැබිණි කාත්තාවගේ උදරයේ කිසියම් අසාමාන්‍ය තත්වයක් ඇති බව වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ වලට හසුව තිබී ඇති බව සදහන් වන අතර එය දරුවාගේ කුසතුළ වැඩෙමින් ඇති කළලයක් බවත්, එය ඔහුගේ නිවුන් සහෝදරයාගේ විය හැකි බවත් වෛද්‍යවරුන් සදහන් කර ඇති බව පැවසේ.
කෙසේ වෙතත් සාර්ථක සැත්කමකින් පසු අදාළ කොටස ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට හැකි වී ඇති බව පැවසෙන අතර දරුවා ඉපිද දින 9කට පසු මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බවද වාර්තා වේ.
ලෝකයේම මෙවැනි උපත් වාර්තා වී තිබෙන්නේ 200කට ආසන්න ප්‍රමාණයක් බවත් සඳහන් වෙයි.
එම ඡායාරූප පහතින්..












