FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මාරයා බිලිගත් අවසන් වසරේ නීති සිසුවියගේ කදුළු කතාව මෙන්න..

“තාත්තේ අපි තුන්දෙනාට ආයෙත් එක ගොඩේ නිදාගන්න පුළුවන්. හෙට විතර මගේ ටිකට් කපයි. අම්මට අඬන්න එපා කියන්න.” දිලිනි තාත්තාට  එසේ පැවසූවත් දිලිනිට ගෙදර ඒමට නොහැකි විය.

කඩවත, මහර, මිහිඳු මාවතේ ජීවත් වූ පවුලේ එකම දරුවා වූ දිලිනි කඩවත, කිරිමැටියාගාරෙ පාසලෙන් මූලික අධ්‍යාපනයත්, කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහලෙන් උසස් අධ්‍යාපනයත් ලැබුවාය.

නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක් වූ ඇය තව නොබෝ දිනකින් නීති උපාධිය ගන්න පෙරුම් පුරමින් සිටියදී ඩෙංගු මාරයාට ගොදුරු වී ජීවිතය හැර ගියේ 29 වැනි දින කොළඹ මහ රෝහලේදීය.

පසුගිය 25දා උණ හැදුණු දිලිනිට ඩෙංගු රෝගය බව දැන ගත්ත සැණින් අංගොඩ උණ රෝහලේ නතර කරපු දිලිනිගෙ අම්මා වරින් වර දරුවා ළඟ ඉඳ ඇතිමුත් ඉකුත් 28 වැනිදා බඩේ කැක්කුමක් හැදිමෙන් වේදනාවෙන් දිලිනි කෑ ගසා ඇති අතර ඒ පිළිබද වෛද්‍යවරුන්ට හා හෙදියන්ට දිලිනිගෙ අම්මා අඬමින් පැවසුවත් ඔවුන් පවසා ඇත්තේ “ඔක්කොම ඉන්නෙ ලෙඩ්ඩු තමයි. අපිට එක්කෙනකු ගැනවත් විශේෂයක් නැහැ” යනුවෙනුයි.

දිලිනි බඩේ අමාරුවෙන් කෑගහද්දී වෛද්‍යවරුන් ඒ පිළිබද අවධානය යොමු නොකළ නිසා මේ අකල් මරණය සිදුවුණු බව දිලිනිගෙ මව හඬා වැටෙමින් පැවැසීය.

“එක දරුවා නිසා ගෙදරදි නැළෙව්වට ඉස්පිරිතාලෙදී නළවන්න බෑ.” මිසීලා එසේ බැනපු බවත් දිලිනිගේ අම්මා සදහන් කළාය.

අනුර කුමාර සහ අචලා කුමාරි යන මවුපියන්ගේ පවුලේ එකම දරුවා වුණු ඇයට ඩෙංගු රක්තපාත රෝගය වැලඳී සිරුර අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතිවූ නිසා ඒ ගැන සෝදිසි කිරීමට ඇයව 28දා ජාතික රෝහලට මාරුකර යැව්වත් 29 දා පාන්දර දෙකට ඇය මෙලොව හැර ගිහින් තිබුනි.