FAST NEWS

24×7 Around the Globe

මවුපියන්ට නොසලකන අය වැඩිපුරම ඉන්නේ බස්නාහිර..

දරුවන් නොසලකන බවට නඩත්තු ඉල්ලා වයෝවෘද්ධ මවුපියන්ගෙන් ලැබී ඇති පැමිණිවලින් වැඩිම සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

උතුර නැඟෙනහිර ප්‍රදේශවලින් එවැනි කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද අමාත්‍යාංශය කියයි.

ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ නඩත්තු මණ්ඩලයට ගතවූ මාස 6 තුළ පැමිණිලි 92ක් ලැබී ඇති අතර ඒවායින් 35කම දරුවන්ට නඩත්තු නියම කර ඇතැයි එම කාර්යාලයේ අධ්‍යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා  පැවැසීය.

නඩත්තු ගෙවීම් පැහැර හරින ලද දරුවන් සඳහා නඩු පහක් අධිකරණයේ පවරා ඇතැයිද අධ්‍යක්ෂවරයා පැවැසීය.