ජනපති දියණියක් ඇරුණු උඩු කය පෙන්වමින් තම දරුවාට තන කිරි ලබාදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයන්ට මුදා හැරීමත් සමග එය ලොව කළඹන සිද්ධියක් බවට පත්ව තිබේ.
මෙසේ උඩු කය පෙන්වමින් කිරි දෙන ඡායාරූපයේ සිටින්නේ කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් ගේ බාල දියණිය වන අලියා ෂගීවා බව වාර්තා විය.
මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්‌ද? නොමැතිනම් එය රාගික හැඟීම් මතු කරන දසුනක්‌ද ? යන්න ලොව පුරා සාකච්ඡාවට ලක් වන අතර සමාජ මාධ්‍ය ජාල තුල කුමන සංවාද ඇති වුවත් ජනධිපති දියණියගේ අදහස ඊට වෙනස් වන බව සදහන්ය.
ඇය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක් කරනු ලැබ තිබුණේ මෙවැනි පාඨයක්ද සමගිනි.
“මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මම කිරි පොවනවා”මෙම ඡායාරුපය දෝෂ දර්ශනයට ලක් වීමත් සමඟ ඇය එය මේ වන විට සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කර ගනු ලැබුවත් ඇය සිය ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටීම තවමත් සිදු වෙයි.
බීබීසී ලෝක සේවය හා කතාබහකට එක් වෙමින් අලියා ෂගීවා පවසා තිබුනේ කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්‌කෘතියේ ඵලයක් ලෙස මෙම සදාචාරාත්මක විවාදය ඇති වී ඇති බවයි.
“මේ මට ලැබුන ශරීරයයි. එය අසභ්‍ය එකක් නොවේ, ප්‍රායෝගිකව එය මට ලැබිලා. අම්ම ලෙස මගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ මගේ දරුවාගේ ශාරීරික වුවමනා සම්පූර්ණ කිරීමටයි. එය සරාගීකත්වය ලෙස ප්‍රදර්ශනය කරන්නක් නොවේ”
ඡායාරූප පහතින්..




















