FAST NEWS

24×7 Around the Globe

මාවල් චිත්‍රකතා වීරයන්ගෙන් අළුත් කතා මාලාවක්..

මාවල් චිත්‍රකතා වීරයන් වන ඩෙයාර්ඩෙවිල්, ජෙසිකා ජෝන්ස්, ලූක් කේජ් සහ අයන් ෆිස්ට්ගේ වික්‍රම ඇතුළත් රූපවාහිවනී කතාමාලා පසුගිය වසර පුරා ඇමෙරිකාවේ නෙට්ෆ්ලික් නාළිකාවෙන් නැරඹීමට හැකි විය.

මෙම කතාමාලා සියල්ල ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ අතර එම සාර්ථකත්වයත් සමඟ මෙම ඩෙයාර් ඩෙවිල්, අයන් ෆිස්ට් සහ ලූක් කේජ් මෙන්ම වීරවරිය වන ජෙසිකා ජෝන්ස්ගේ ද චරිත එක්කොට නිර්මාණය වුණු Defenders කතා මාලාව තව නොබෝ දිනකින් නෙට්ෆ්ලික් නාළිකාවෙන් විකාශය වනු ඇත.

පසුගිය දා නිව්යෝක් නුවරදී Defenders කතා මාලාවේ මංගල දැක්ම පැවැත්වී ඇති අතර ඊට මැට් මර්ඩොක් හෙවත් ඩෙයාර්ඩෙවිල් ලෙස චරිත නිරූපණය කරන චාලි කොක්ස්, ජෙසිකා ජෝන්ස් ලෙස චරිත නිරූපණය කරන ක්‍රිස්ටන් රිටර්, අයන් ෆිස්ට් ලෙස චරිත නිරූපණය ෆින් ජෝන්ස් සහ ලූක් කේජ් ලෙස චරිත නිරූපණය මයික් කෝල්ටර් ඇතුළු සෙසු නළු නිළියෝ එම අවස්ථාව වර්ණවත් කරමින් එක් ව සිට ඇත.

Defenders රූපවාහිනී කතා මාලාවේ නවතම පූර්ව ප්‍රචාරණ පටය නැරැඹීම සදහා https://youtu.be/4h3m7B4v6Zc

(ඒ.එෆ්.පී)