FAST NEWS

24×7 Around the Globe

මුහුණට මුහුණ ගැටුන බස් – ජිප් අනතුර මෙන්න.. (ඡායාරූප)

කිලිනොච්චිය කන්දසාමි කෝවිල ආසන්නයේ ඒ-9 මාර්ගයේ පෞද්ගලික බස් රථයක් හා ජිප් රථයක් ඊයේ (31) මුහුණට මුහුණ ගැටීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චියේ සිට මුලතිව් දක්වා ගමන් ගත බස් රථයක් හා කිලිනොච්චිය ඩිපෝ මන්සධියේ සිට කරඩිබොක්කු දෙසට ගමන් ගත් ජීප් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර ජිප් රථය අධික වේගයකින් ගමන් කිරීමෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ බෝක්කුවක වැදීමෙන් පසුව ගමන් ගත් බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලක පරික්ෂණ සිදු කළ කිලිනොච්චිය පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

අනතුරින් බස් රථයේ සහ ජිප් රථයේ රියදුරන් ඇතුලු තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කොට ඇති අතර අනතුරට පත් ජිප්රථය ඊයේ දිනම මිලට ගත් එකක් බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.