“ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස්” ටෙලි කාතා මාලාවේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ සීන් බීන්, පසුගියදා පස්වැනි වතාවටත් විවාහ ජීවිතයක් ඇරඹූ බව වාර්තා විය.
මේ වනවිට 58 වැනි වියෙහි සිටින සීන් ගේ මනාලිය වූයේ, ඔහුගේ අලුත් පෙම්වතිය වන ඈෂ්ලි මූර්ය.
කිසිදු උත්සවයක් නොමැතිව චාම් ලෙස සීන් සහ ඈෂ්ලි, සිය විවාහ දිවියට මුල පිරු බව සඳහන් වන අතර සීන් බීන් මීට පෙර විවාහයන් වූයේ ඩෙබ්රා ජේම්ස්, මෙලානි හිල්, ඇබිගේල් කෘටෙන්ඩන් සහ ජෝර්ජිනා සුට්ක්ලිෆ් නමැති රූපිනියන් සමගය.
සීන්ගේ අලුත්ම බිරිඳ මේ වනවිට 32 වැනි වියේ පසුවන අතර සීන්ගේ පෙර විවාහවලින් ඔහුට දියණියන් තිදෙනෙකුද සිටින බව පැවසේ.
සීන් බීන් රසිකයන් අතර ජනප්‍රිය වූයේ ලෝඩ් ඔෆ් ද රින්’, ගෝල්ඩන් අයි’, සහ “ගේම් ඔෆ් ත්‍රෝන්” යන චිත්‍රපටවල රඟපෑමෙනි.











