සංචාරක ඉන්දීය කණ්ඩායම හා සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම අතර එළැඹෙන අගොස්තු 03 වැනිදා එස්.එස්.සී. පිටියේදී ආරම්භවීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
එ අනුව 2016 වසරේ ජුනි මාසයේදි අවසන්ව රට ටෙස්ට් තරගයකට ක්රීඩා කළ ළහිරු තිරිමාන්නට මෙහි අවස්ථාවක් හිමීව තිබීම සුවිශේෂිත්වයකි.
එසේම හෙතෙම පසුගියදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පුහුණු තරගයේදී තිරිමාන්න අර්ධ ශතකයක්ද වාර්තා කිරීමට සමත්විය.
ශ්රී ලංකා සංචිතය – දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග,දිමුත් කරුණාරත්න,කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, රංගන හේරත්, ළහිරු කුමාර, විශ්ව ප්රනාන්දු, මලින්ද පුෂ්පකුමාර, නුවණ් ප්රදීප්, ධනුෂ්ක ගුණතිලක, ළහිරු තිරිමාන්න , ලක්ෂාන් සඳකැන්
(DE සිල්වා)







