FAST NEWS

24×7 Around the Globe

ෆාමසි ලියාපදිංචි ගාස්තු හතර ගුණයකින් වැඩිවෙලා..

රට පුරා ෆාමසි ලියාපදිංචි කිරීමේ ගාස්තුව තමන්ට නොදන්වා පෙර වසරට වඩා හතර ගුණයකින් පමණ වැඩිකර ඇති බව ෆාමසි හිමිකරුවෝ කියති.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට 2018 වසර වෙනුවෙන් ලියාපදිංචි ගාස්තු ගෙවීමට ගිය විටදී ගාස්තු ඉහළ නංවා ඇති බව තමන් දැනගත් බවද ෆාමසි හිමියෝ කිහිපදෙනෙක්ම කීහ.

2017 වසර සඳහා රුපියල් 5000ක් වූ ලියාපදිංචි ගාස්තුව 2018 වෙනුවෙන් රුපියල් 19,700ක් බවට පත්කර ඇති බව ඔවුහු පැවසූහ.

එක් අතකින් ඖෂධ මිල පාලනයකට යටත් කර අනෙක් පැත්තෙන් ලියාපදිංචි ගාස්තුව වැඩි කිරීම අසාධාරණ බවද එම පිරිස පැවැසූහ.