FAST NEWS

24×7 Around the Globe

ලෝකයේ වැඩියෙන්ම කුණු නිපදවෙන රටවල් අතරින් ලංකාවට හිමි තැන..

ලෝකයේ වැඩියෙන්ම කුණු නිපදවෙන රටවල් සැලකිල්ලට ගත්විට මුලින්ම සිටින රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව සිටින බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

කම්කරු අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසූ අතර හෙතෙම එහිදී කියා සිටියේ කුණු ප්‍රශ්නය අද වනවිට ලංකාවේ ජාතික ගැටලුවක් වී ඇති බවයි.

කුණු ගැටලුව පිළිබඳව තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා..

“මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම අපිට නුපුරුදු අත්දැකීමක්. සුනාමිය ගැන අපි දැනගෙන හිටියේ නෑ වගේ කුණු කන්දක් නාය ගිහිල්ලා මේතරම් විනාශයක් කරයි කියලා කවුරුත් හිතුවේ නෑ. මීතොටමුල්ල කුණු කන්ද එසේ මෙසේ කුණු කන්දක් නොවන බව අපි සියලු දෙනාම දැනගත්තේ ඒකෙන් සිදුවුණු විනාශය දැක්කම.

කැළි කසළ ප්‍රශ්නය දැන් අපේ රටේ ජාතික ප්‍රශ්නයක් බයට පත්වෙලා. හැම තැනම උද්ඝෝෂණ තියෙනවා කොළඹ කුණු වෙන ප්‍රදේශවලට ගේනවට විරුද්ධව. 2012 ලෝක ආර්ථික සමුළුවේ දත්ත අනුව අපි ලෝකයේ වැඩියෙන්ම නාගරික අපද්‍රව්‍ය නිපදවන රටවල් අතර පස්වෙනි තැන ඉන්නේ. ලංකාව කුඩා රටක්. විශාල ජනගහනයක් ඉන්නවා. එම නිසා කසළ දමන්න භූමිය සීමිතයි. ඒක නිසා අපිට මේ කසළ කළමනාකරණය අභියෝගයක්. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදයකට නිසි සැලසුම් සහගත වැඩපිළිවෙළකට අපි මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුයි.”