FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානුවන් 755 කට රුසියාවෙන් පිටවන ලෙස පුටින්ගෙන් නියෝග..

ඇමරිකාව රුසියාවට එරෙහිව පසුගියදා සම්බාධක පැනවීමට විරෝධය පළ කරමින් ඇමරිකානු රාජතාන්ත්‍රික නිලධාරීන් 755 දෙනෙකුට වහාම රටින් පිටවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.

සැප්තැම්බර් මස 01 වනදාට පෙර මෙම පිරිසට රුසියාවෙන් ඉවත්වන ලෙසට දැනුම් දී ඇති අතර කිසියම් රටක් විසින් මෙතෙක් ඉතිහාසයේ රාජතාන්ත්‍රික සේවකයන් වැඩිම පිරිසක් ඉවත් කළ පළමු අවස්ථාවද මෙය වෙයි.