FAST NEWS

24×7 Around the Globe

යාපනයේ පොලිස් නිලධාරීන් කපා කොටා දැමුවේ ‘ආවා ගෲප්’..?

යාපනය කෝපායි කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධ වලින් සිදු කල පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂිත වැඩපිළිවලක් ආරම්භ කොට ඇත.

මේ අතර මෙම පහරදීම ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි යන්න සැක පහල වී ඇති අතර තවත් සැකයක් වී ඇත්තේ අදාල පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා විසින් පැමිණිලි විභාග කිරීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බවටයි.

කෙසේ වෙතත් පහරදුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් ද අනියුක්ත කර ඇත.

ඊයේ (30) පස්වරුවේ සිදු කළ මෙම පහරදීමෙන් සිංහල හා දමිළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලදි.

යතුරුපැදි 04 කින් පැමිණි තරුණයින් 11 දෙනෙකු පමණ පහරදීම සඳහා පළමුව පැමිණ ඇති අතර, තවත් යතුරුපැදි 04කින් පැමිණි පිරිසක් පසුව ඊට එක්ව ඇත.

කඩු සහ වෙනත් තියුණු ආයුධ භාවිත කරමින් මෙම පහරදීම සිදු කර ඇති අතර අදාල පහර දීම හේතුවෙන් පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනාගේ පිට ප්‍රදේශයට හා අත් වලට පා වලට තුවාල සිදු වී ඇති අතරම පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදියටද දැඩි අලභහානි කොට සැකකරුවන් පලා ගොස් තිබුණි.