FAST NEWS

24×7 Around the Globe

ඇමතිනී විජයකලා මහේස්වරන් විද්‍යා දැරියගේ මරණයට සම්බන්ධයි ?

යාපනයේ පුංගුඩුතීවු පළාතේදී සමූහ දූෂණයකට ලක් කොට මරා දැමූ විද්‍යා දැරියගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ප්‍රධාන සැකකරුවන ස්විස් කුමාර් පොලීසියෙන් නිදහස් කර ගැනීම පිණිස වනිතා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මිය කීපදෙනෙකු මාර්ගයෙන් පොලීසියට බලපෑම් කළ බවට තොරතුරු හෙළි වී තිබේ.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ස්විස් කුමාර්ට රැකවරණය දුන් චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගෙන් ලබා ගත් කටඋත්තර මතය.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලද තොරතුරු දැනට විභාග වෙමින් පවතින විද්‍යා දැරියගේ නඩු විභාගයට ඉදිරිපත් කිරීමෙන් පසුව අමාත්‍යවරිය ප්‍රකාශයක් ලබාගැනීම සදහා යාපනය මහාධිකරණයට කැදවීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදුවිය හැකි බවට පොලීසිය විශ්වාස කරයි.

අමාත්‍යවරිය රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකු හරහා ස්විස් කුමාර් බේරා ගැනීමට පොලීසියට බලපෑම් කළ බවට තොරතුරු හෙළි වී ඇති අතර මේ පිළිබදව උතුරේ ජනමාධ්‍ය කීපයක තොරතුරු පලවීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරිය එම චෝදනාවන් ප්‍රතික්ෂේප කොට තිබේ.