සත්කාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (26) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනීම ක්‍රීඩා කරන ඉන්දීය දිවා අහාරය සඳහා තරගය අත්හිටුවන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 115 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙන ෂිකර් ධාවාන් ලකුණූ 64 ක් සහා පුජාරා ලකුණු 37 ක් ලබා සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් ප්‍රදීප් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
(ලකුණූ පුවරුව)
(DE සිල්වා)









