FAST NEWS

24×7 Around the Globe

මහා බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරු රාජකාරී අවසන් කරයි..

මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ ස්වාමී පුරුෂයා වන එඩින්බරෝ හි ආදිපාද ෆිලිප් කුමරු සහභාගි වන අවසන් රාජකීය රාජකාරී කටයුත්ත නිවේදනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එ අනුව අගෝස්තු මස 2 වැනි දින බකිංහැම් මාලිගයේ දී පැවැත්වෙන රාජකීය මැරීන් බලකායේ 1664 Global Challenge ක්‍රියාදාමයේ අවසානය සනිටුහන් කරන උත්සවයට සහභාගී වී සිය නිල රාජකාරී කටයුතු වලට සමුදීමට එඩින්බර්ග් ආදිපාද ෆිලිප් කුමරු බලාපොරොත්තු වන බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකවරියක් සඳහන් කර ඇතැයි පැවසේ.

පසුගිය මස වසර 96 ට පා තැබූ ෆිලිප් කුමරු රාජකීය මැරීන් හි කපිතාන් ජෙනරාල් ලෙසද කටයුතු කරන අතර, ඔහු සිය නිල රාජකාරී කටයුතු වලට මේ වසරේදී සමුදෙන බව බකිංහැම් මාලිගාව පසුගිය මැයි මාසයේදී නිවේදනය කර තිබුණි.

කෙසේවෙතත්, ෆිලිප් කුමරු විශ්‍රාම යෑමට හේතුව ඔහුගේ සෞඛ්‍ය තත්වය නොවන බවත් නිදහස් සුවය විඳීම සඳහා බවත් රාජකීය මාධ්‍ය තවදුරටත් පවසා ඇත.