FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් චන්දිමාල් රෝහලෙන් පිටව යයි..

‍ෙපසුගිය සිකුරාදා (21) දින උණ රෝගයක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

සිදු කළ පරීක්ෂණවලින් හෙලි වුණේ ඔහුට නිව්මෝනියා රෝගය වැළඳී ඇති බව අනාවරණය වී ඇති අතර ,ඒ අනුව, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පෙනහළුවල ඇති වූ ආසාධන තත්ත්වය අඩු වී ඇති බව වෛද්‍යවරුන් දන්වා තිබේ.

චන්දිමාල් පරීක්ෂාවට ලක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිර්දේශ ඒකකයේ සාමාජිකයෙකු වන මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතාගේ නිර්දේශ මත චන්දිමාල් නිවස බලා පිටත්ව ගිය බව වාර්තා වේ.

මේ අතර, එළඹෙන ඉන්දීය – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයට ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව වාර්තා වේ.