FAST NEWS

24×7 Around the Globe

සබරගමුව සහ උතුරුමැද ප්‍රධාන ඇමති පුටුවට ඒකාබද්ධයෙන් ශ්‍රීලනිප ඇමතින් 02 ක්..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ප්‍රබලයින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී සබරගමුව සහ උතුරුමැද පළාත් සභා දෙක සඳහා ආණ්ඩුව තුළ සිටින ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු ප්‍රධාන අමාත්‍ය ධුර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ශක්තිමත් කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් පළාත් සභා විසුරුවා හැරීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ ජනතාව දිනාගැනීමේ මැතිවරණ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කරන බවත් එම ආරංචි මාර්ග පැවසී ය.

අදාළ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා වට කිහිපයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පවත්වා ඇති බව වාර්තාවේ.