FAST NEWS

24×7 Around the Globe

දිනේෂ් චන්දිමාල්ට පළමු ටෙස්ට් තරගය අහිමී වෙයි..

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට වෛරස් උණ තත්වයයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

එ අනුව ඔහුට ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය අහිමී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආරංචි මාර්ග පවසයි.

මෙම අසනීප තත්වය හේතුවෙන් ඊයේ (20 ) පැවැති තරගාවලිය පිළිබඳ වු මාධ්‍ය හමුවටද දිනේෂ් චන්දිමාල් සහභාගී නොවූ අතර ඒ සදහා එක්දින සහ විස්සයි20 කණ්ඩායම් හී නායක උපුල් තරංග සහභාගී විය.

යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා නොකළහොත් කණ්ඩායමේ නායකත්වය සීමිත ඕවර නායක උපුල් තරංගට හෝ හිටපු ටෙස්ට් නායකයකු වන රංගන හේරත්ට පැවරීමට තේරීම් කමටු නිලධාරීන් බලාපොරොත්තුව සිටින බවද ශ්‍රී ලංක ක්‍රීකට් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)