FAST NEWS

24×7 Around the Globe

වෙනිසියුලාවේ මීලියන ගණනක් එක්ව වර්ජනයේ..

වෙනිසියුලා විපක්ෂය දියත් කරන ලද දැවැන්ත වැඩ වර්ජනයකට වෙනිසියුලා වැසියන් මිලියන ගණනක් එක්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතා ලබන 30 වැනිදා මැතිවරණයක් පැවැත්වීමට සූදානමින් සිටින අතර ඊට එරෙහිව මෙම වැඩ වර්ජනය පැවැත්වෙන බවද සඳහන්.

වෙනිසියුලා ජනාධිපතිවරයා නියමිත මැතිවරණ නොපවත්වමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා කරමින් එරට විපක්ෂය පසුගිය අප්‍රේල් මාසයේදී ආණ්ඩු විරෝධී, විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි.

(DE සිල්වා)