බොලිවුඩ් නිළි සනී ලියෝන් සහ ඇගේ ස්වාමිපුරුෂයා ඩැනියල් වෙබර්, අවුරුද්දයි මාස නවයක් වයසැති දියණියක් හදා වඩා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වූ අතර මහාරාෂ්ට ප්‍රාන්තයේ උපත ලැබූ ඇයට නම් තබා ඇත්තේ නිශා කෝර් වෙබර් ලෙසිනි.
දුටු පමණින් තමා ඇය සමඟ සෙනෙහසින් බැඳුනු බව සනී පවසන අතර දෙමාපියන් වීම මොන වගේද යන ප්‍රශ්නයට ඔවුන් දෙදෙනා අපුරු පිළිතුරු ලබා දී තිබුණි.
“ ඒක හරිම අලුත් අත්දැකිමක්. මොකද නිශා ගෙදරට ඇවිත් තාම දවස් කිහිපයයි. මම හරීම සතුටින්, හැඟීම්බර වෙලා ඒවගේම කියාගන්න තරම් බැරි අදහස් ගොඩක් හිතේ තියෙනවා,” යනුවෙන් සනීගේ ප්‍රකාශය විය.
“අපේ ජිවිත හැමවෙලේම පිස්සුවෙන් වගේ තිබුණේ. අපිට මාස නවයක් බලා සිටින්නට වුණේ නැහැ. ලිපි ගොනු හදන්න වසර දෙකක් වගේ ගියා. ඉතින් ඊට පස්සේ ඊමේල් එකක් ආවා ඔබට දරුවෙක් හදාගන්න පුළුවන් කියලා. ඒක හිතාගන්නවත් බැහැ,” ඒ ඩැනියල්ගේ අදහසයි.









