FAST NEWS

24×7 Around the Globe

සම්බාහනය කරන මුවාවෙන් කළ වැඩේ..

මාරවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වැටලූ බව පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවාස දෙක වැටලීමෙන් කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයසේ පසුවන මෙම කාන්තාවන් කොළඹ, ගාල්ල, වෙන්නප්පුව, පොලොන්නරුව, පන්නල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව වාර්තාවේ.

මෙම කාන්තාවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවකට රුපියල් 50,000 බැගින් වූ ශරීර අප මත නිදහස් කර ඇත.