FAST NEWS

24×7 Around the Globe

ජානිපෙ කළ ළදරු වැඩේ ගැන අනුර කියයි..

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌ දෙනා ඉවත්වීම එතරම් සැලකිල්ලට ලක්‌කළ යුතු නැතැයි විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) ප්‍රකාශ කළේය.

“ගෙදරක ඉන්න කුඩා දරුවන් වැඩිහිටියන්ගේ අවධානය නැති වුණාම සෙල්ලම් බඩු පොළොවේ ගහනවා. ජානිපෙත් කළේ හරියට ඒ වගේ වැඩක්‌..” යැයි ඊයේ(20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දිසානායක මහතා කීවේය.

“බලය බෙදීම පිළිබඳ මෙතෙක්‌ අවසන් එකඟතාවකට ඇවිත් නෑ. බුද්ධාගමට, රටේ ඒකීය භාවය පිළිබඳ වගන්ති ගැන කිසිදු සාකච්ඡාවක්‌ නැහැ. ඒවා ස්‌ථිර දේවල්. සාකච්ඡා කළ යුතු නෑ. අලුත් ව්‍යවස්‌ථාවකට ජනමත විචාරණයක්‌ අවශ්‍යයි. ඒ නිසා කුමන පක්‌ෂයක්‌ අකැමැති වුණත් ව්‍යවස්‌ථාව ජනතාව ඉදිරියේ විභාග වෙනවාමයි” යැයිද දිසානායක මහතා සදහන් කලේය.