FAST NEWS

24×7 Around the Globe

“සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ..”

ටෙලි නාට්‍ය නිළියක ලෙස කවුරුත් දැන හැඳිනගත් චරිතයක් වන පියුමි සිරිනායක ගීත රූප රචනාවක් නිසා මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් වී ඇත.

වෘත්තියෙන් මොස්තර නිරූපිකාවක් ලෙස කටයුතු කරන පියුමි පසුගිය කාලයේ කළ ගීත රූප රචනා හරහා කළ අඩනිරුවත් රංගනයන් මෙරට සමාජජාලා වෙබ් අඩවි වල දැඩි අවධානයට ලක්වනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් මෙම රංගනයන් පිළිබඳව අදහස් දැකවන ඇය පවසන්නේ අඩනිරුවතින් රඟපෑ පළමුවැන්නිය ඇය නොවන බවත් ප්‍රවීණ දක්ෂ නලු නිළියෝ පවා මෙවැනි සම්භාව්‍ය ගණයේ නිර්මාණ වලට දායක වී ඇති බවත්ය.

මෙවැනි නිර්මාණ ලංකාවට ගැලපෙනවාද යන ප්‍රශ්ණයට ඇය ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

ලංකාව මම දකින විදියට වෙනත් දියුණු රටවලට වඩා වෙනස් රටක්. සෙක්ස් වීඩියෝ වැඩිපුර බලන රට ලංකාව. මානසිකත්වයෙන් දුර්වල මිනිස්සු ඉන්නේ ලංකාවේ. සියදිවි හානිකරගන්න රටවල් අතුරින් වැඩිපුර රේටින්ස්ග් තියන රටවල් අතර අපි ඉන්නවා. අවුරුදු 5ක පොඩි දරුවන් දූෂණය කරන රට ලංකාව. වයස ගෑණු දූෂණය කරන රට ලංකාව. හරියට ලිංගික දැනුමත් නැති රටත් මම හිතන්නේ මේක වෙන්න ඕනා. කලා නිර්මාණයක් කළාම රටේ නැති ගොසිප් ගහනවා මේ රටේ. සුද්දන්ගෙන් රට බේරගෙන වසර 70 වෙලත් සුද්දා දීපු දේවල් විතරක් සුද්දට බැන බැන භුක්ති විඳින රටක් මේක. කවදාවත් රටකට අලුත් දෙයක් කරන්න ඕනා කියලා කවුරුත් හිතන්නේ නැති රටක් මේක. අනුන්ගේ වැරදි හොය හොයා අනුන් කරන දේට ගරහන රටක් මේක. ඉතින් මම හිතන්නේ හිස් මොල තියෙන රටකට සුද්දාගේ ක්‍රමය හරියනවද කියලා තමයි.

Related image

Related image

Related image

Related image

Image result for piumi srinayaka

Image result for piumi srinayaka

Image result for piumi srinayaka

Image result for piumi srinayaka

Related image

Image result for piumi srinayaka

Related image

Image result for piumi srinayaka

Related image

Related image