FAST NEWS

24×7 Around the Globe

හිසකෙස් දන්දෙන්න කැමතිද? මෙන්න අවස්ථාවක්..

පිළිකා රෝගී ප්‍රතිකාර හේතුවෙන් හිසකෙස් අහිමිවූ රෝගීන් සඳහා ස්වභාවික හිසකෙස්වලින් සැකසූ කෘත්‍රිම කෙස් කළඹක් ලබාදීමේ ව්‍යාපෘතිය අද(20) සිට ක්‍රියාත්මකය.

පිළිකා සරණ භාරය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා හිස කෙස් දන්දීමට කැමැත්තෙන් පසුවන පරිත්‍යාගශීලීන්ට අඟල් 8 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හිස කෙස් ලබාදිය හැකිය.

011 2 363 211 දුරකථන අංකයෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.