FAST NEWS

24×7 Around the Globe

බැසිල් අත්අඩංගුවට ගත් හේතුව මහින්ද හෙළි කරයි

දින 100 ක් ගෙවෙන්න කලින් රාජපක්ෂ කෙනෙකු ඇතුළට දාන්න විධායක සභාවයි,ටී.එන්.ඒ එකයි එකතුවී කටයුතු කළ බවත්,බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ රු.2500 ක් සමෘද්ධිලාභීන්ට දුන් නිසා බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙ බව සඳහන් කළේ අද (20) කොළඹ දිස්ත්‍රීක් සන්ධාන අපේක්ෂක ජගත් කුමාර මහතාගේ තලංගම මැතිවරණ ප්‍රචාරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේම ආණ්ඩුව නිසා පාවෙන ඇටසැකිලි වන් මිනිසුන් බිහිවීම පමණක් සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුවේ සීනි බෝල වලට ජනතාව රැවටිය යුතු නැති බවත්, ගෙවුනු කාලයේ මිල අඩු කරනු ලැබුවේ කොත්තමල්ලිවල පමණක් වන බවත්, එයද පසුව යළි මිල වැඩි කළ බවත් රාජපක්ෂ මහතා කියා

රට සංවර්ධනය කිරීම සඳහා 2014 වසරේ ලබාගත් ණය මුදල් වලට වඩා දින 100 තුළ මේ ආණ්ඩුව විසින් ලබාගත් ණය මුදල් බොහෝ වැඩි බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එම මුදල් හොරකම් කරනු ලැබුවේද, එසේත් නැතිනම් පික් පොකට් ගැසුවේද යන්න තමන් නොදන්නා බවත්,කටුනායක අධිවේගී මාර්ගය සෑදීමට යයි කියමින් අවස්ථා 3කදී ණය මුදල් රැගෙන ඇති බවත්,තාම කිසි දෙයක් සිදුකර නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

අලුතින් ගල් කැටයක්වත් පාරකට දමා නොමැති වුවත්, පෑලියගොඩ පෝස්ටර් ඇළවීම සඳහා අලුතින් බිත්තියක් පමණක් සාදා ඇති බව රාජපක්ෂ මහතා කියා සිටියේය.