FAST NEWS

24×7 Around the Globe

සීනිබෝල වර්ගයක් කෑ ප්‍රසිද්ධ විදුහලක සිසුන් පිරිසකට වුන දේ..

සීනිබෝල වර්ගයක්‌ කෑ නාත්තන්ඩිය නගරාසන්නයේ ප්‍රසිද්ධ විදුහලක 3 ශ්‍රේණියේ සිසුන් 12 දෙනෙක්‌ පමණ ඊයේ (19) දහවල් ක්‌ලාන්තය, කැරකිල්ල හා වමනය ඇතිවීම හේතුවෙන් රෝගාතුර වූහ.

මී බෙටි සීනිබෝල ලෙස හඳුන්වන පොලිතිත් බටවල බහාලූ කුඩා සීනිබෝල වර්ගයක්‌ මෙම සිසුන් දහවල් මිලදීගෙන ඇත්තේ විදුහල අසල පිහිටි කුඩා කඩයකිනි.

විවේක කාලයේ පාසල ඇතුළට යෑමට පෙරම සිසුන් ක්‌ලාන්ත වී තිබූ අතර මේ පිළිබඳව විදුහල්පතිවරයා සහ උගන්වන හිමි නමක්‌ විසින් මාරවිල පොලිසියට කරන ලද ප්‍රකාශයකට අනුව සීනිබෝල වෙළෙන්දා මාරවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සීනිබෝල ඉන්දියාවෙන් ගෙන්වූ ඒවා බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර සිසුන්ට සුළු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පැමිණ ඇත.