හිටපු බස්කොන්දොස්තරවරු පවා වර්ථමානයේ ජාතික නායකයන් වීමට උත්සාහ දැරීම විහිලුවට කාරණයක් බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස තිස්සමහාරාම දර්ශනගම උදාගම්මානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.
යහපාලන බස්රථයට මගදි පිටුපස දොරින් ගොඩ වු පිරිස් ආණ්ඩුවෙන් ඉවත් වී ගියද එය රජයේ පැවැත්මට කිසිදු ලෙසකින් බල නොපාන බව ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේය.









