පස් දින විදෙස් සංචාරයක් අතරතුරේ පෝලන්තයේ සංචාරයක යෙදුන විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරියට පෝලන්ත රජයෙන් පමණක් නොව එරට වැසියන්ගෙන් ද උණුසුම් පිළිගැනීමක් හිමිවූ බව වාර්තා විය.
රාජකීය යුවල පෝලන්තයේ වෝර්ෂෝ බලා පැමිණියේ ඊයේ (18) දිනයේ වන අතර පුංචි ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ද මව සහ පියා සමඟ මෙම සංචාරයට එක් වී ඇත.
පෝලන්ත ජනාධිපති ඇන්දර්ස්ජි ඩූඩා සහ ආර්යාව අගතා රාජකීය යුවල උණුසුම් අයුරින් පිළිගෙන ඇත්තේ වෝෂෝ අගනුවර ජනාධිපති මන්දිරයේදීය.
ඉන්පසු විලියම් කුමරු සහ කේට් කුමරිය දෙවැනි ලෝක යුද්ධයේ දී පෝලන්ත වැසියන් වධ බන්දනයට ලක් කෙරුණු සිරකඳවුරක් නැරැඹීමට ගොස් ඇති අතර එහිදී ජර්මානුවන්ගේ සිරකරුවන් වී දිවි ගලවා ගත් පෝලන්ත වැසියන් කිහිප දෙනකු ද හමුවී ඔවුන්ගේ අතීත අත්දැකීම් විමසා බැලීමට ද කේට් කුමරිය කටයුතු කර තිබේ.
අමානුෂික ලෙස ඝාතනයට ලක්වුණු පෝලන්ත වැසියන් වෙනුවෙන් යුද ස්මාරකයකට පුෂ්පෝපහාර දැකීමටද රාජකීය යුවල අමතක නොකළ බව සදහන්ය.
එම ඡායාරූප පහතින්..














