FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ඇමතිගේ දියණියට බිත්තර ප්‍රහාරයක්.. (වීඩියෝව)

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය රිකාඩෝ බැරොස්ගේ දියණිය වන Maria Victoria Barros ගේ විවාහ උත්සවයට මෙම බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති අතර එසේ එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ විරුද්ධවාධීන් පිරිසක් බවට වාර්තා විය.

ඇය 25 වැනි වියේ පසුවන නගර සභා මන්ත්‍රීවරියක් වන අතර බ්‍රසීලයේ දෙව්මැදුරක පැවැත්වූ මෙම විවාහ මංගල උත්සවය අතරතුර මෙම බිත්තර ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ප්‍රභූන් රැසක්ද සහභාගී වී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් පසුව විවාහ උත්සවයට එල්ලවූ විරෝධතාව නිසා කැරලි මර්දන ඒකකයයේ රථයක් ගෙන්වා මනාල යුවළ පිටත් කර තිබේ.

එම වීඩියෝව පහතින්..