FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථයේ බර අඩු කරන්න පයින් ගිය පෙම්වතාට අමතක නොවන පාඩමක්..

සිය පෙම්වතා සමග ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරයේ නිරත වෙමින් සිටි අයර්ලන්ත තරුණියකට සිදුවු අකරතැබ්බයක් පිළිබදව වාර්තා වෙයි.

මෙම තරුණිය සිය පෙම්වතා සමග කිතල් ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන එම ප්‍රදේශයේ සංචාරයේ නිරතව සිට ඇති අතර එහිදි ඔවුන් දෙදෙනා ගමන්ගත් ත්‍රීරෝද රථයේ රියදුරා විසින් කඳු සහිත මාර්ගයේ ත්‍රීරෝද රථයට ගමන් කිරීමට අපහසු නිසා මද දුරක් පාගමනින් පැමිණෙන ලෙස විදේශීය පෙම්වතාට පවසා ඇති බව සදහන්ය.

එවිට එම විදේශීය තරුණයා පාගමනින් පැමිණීමට ත්‍රීරෝද රථයෙන් බැස ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරා විදේශීය තරුණිය පැහැරගෙන වේගයෙන් ත්‍රීරෝද රථයෙන් පලාගොස් ඇත.

ත්‍රීරෝද රථය බණ්ඩාරවෙල පුනාගල මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී තරුණිය කෑ ගසන ශබ්දය ඇසී ඒ මග ගමන්ගත් යතුරුපැදිකරුවකු එම ත්‍රී රෝද රථය හඹාගොස් එය නවත්වා ඇතැයි පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී විදේශ තරුණිය ත්‍රීරෝද රථයෙන් එලියට පැන අසල පිහිටි නිවසකට දිවගොස් දිවි බේරාගෙන ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු පලාගොස් තිබේ.

ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ පවත්වනු ලබයි.