FAST NEWS

24×7 Around the Globe

“නාමල් රාජපක්ෂ හැම වෙලාවෙම මට සමච්චල් කරනවා..”

“අපේ නායකවරු බෝලේ එහාට මෙහාට පාස් කරනවා…..ජනතාව බලාගෙන ඉන්නේ ප්‍රතිඵලය ලැබෙනකන්. …ප්‍රතිඵලය වෙන්න ඕනි මොකක්ද? හොරු ටික රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්න එක හොරුන්ගේ ආදායම වත්කම ජනසතු කරන එක… ජනතාවගේ පැතුමට මොකද කරන්නේ කියලා අපේ නායකතුමන්ලා ජනතාවට හෙළි කරන්න ඕනේ…”

සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ කඳුරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එසේ ප්‍රකාශ කළේ නියෝජ්‍ය  අමාත්‍යවරයාගේ මාදිවෙල නිල නිවාසයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ ක්‍රියාවලියේ කුමක් හෝ වරදක් ඇති බව ද හෙතෙම එහිදී අවධාරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නි.අමාත්‍යවරයා,

“මට නාමල් රාජපක්ෂ හැම වෙලාවෙම සමච්චල් කරනවා පාර්ලිමේන්තුවේ හොරු අල්ලන ඇමැති කියලා. හොරු ටිකක් මට ආමන්ත්‍රණය කරන්නේ හොරු අල්ලන ඇමැති කියලා. 2015 ජනවාරි 08ට කලින් අපි සෑම වේදිකාවකම පුන පුනා කිව්වේ රෑ 12ට එයාර්පෝට් වහලා හොරු අල්ලනවා කියලා. ඒකට තමයි හොඳම ප්‍රතිචාරය ලැබුණේ. මේ ආණ්ඩුවට බලය ගන්න වැඩියෙන්ම බලපෑවේ ඒ කතාව. අපේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක පවා එදා කිව්වේ මේ අය වැයේ ලොකු පරතරයක් තියෙනවා. වෙන කිසි දෙයක් ඕනි නැහැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු හොරු කල්ලිය හොරකම් කරපු මුදල් ගෙන්වා ගත්තොත් මේ අයවැය පියවන්න පුළුවන් කියලා. ඒ කතා මගේ කන් දෙකට ඇහුණා.

නමුත් දැනට අපිට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ CSN එකේ බිලියන 146ක් විතරයි. ඒ මුදල අපිට හම්බ වුණා. නමුත් අයිතිකාරයෙක් නැහැ. අපිට පේන්න තියෙනවා දූෂණ විරෝධී කමිටු ලංකාවේ වහනවා. සාමාන්‍යයෙන් මේ වගේ කාලයකදී මම යෝජනා කළා දිස්ත්‍රික්ක විසිපහේම දූෂණ විරෝධී කමිටු අරින්න කියලා පළාත් නවයේම කමිටු අරින්න කියලා. ඒක තමා අපේ පළමු පොරොන්දුව. ඒත් ආණ්ඩුව ඒවා වහමින් යනවා. එතකොට එෆ්.සී.අයි.ඩී වහනවා කියලා කියනවා. සිරිලිය ගිණුමේ හොඳටම සාක්ෂි තියෙනවා. ශිරන්ති රාජපක්ෂ මැතිනිය එම වංචාවට සම්බන්ධ බවට. නමුත් ඇයව විමර්ශන සඳහා අදාළ ආයතනයට ගෙනාවේ නැහැ. ගෙනාවේ කතානායක නිල නිවෙසට, අපේ නායකවරු හිරවෙනවා. ඒක රටට හෙළි කරන්න ඕනි. මොකද අපේ පොරොන්දුව තමයි ජනවාරි 08 රෑ ‍දොළහට ගුවන්තොටුපළ වහලා හොරු අල්ලනවා කියන එක. නමුත් ඒක වුණේ නැහැ. අද හොරු ටික එකතු වෙලා අපිට සමච්චල් කරනවා.”