FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවෙන් ඉරානයට යළි සම්බාධක පැනවෙයි..

අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට යළි සම්බාධක පනවා ඇතැයි වාර්තා වේ.

ඉරානයේ බැලිස්ටික් මිසයිල වැඩසටහන මෙන්ම ත්‍රස්තවාදී සංවිධානයන්ට සහයෝගය දනවන ඉරානයේ ක්‍රියා යැයි ඇමෙරිකාව පවසන දෑ මීට හේතු වී ඇති බව පැවසේ.

මෙම තීරණය හේතුවෙන් පුද්ගලයන් හා ආයතන 18කට බලපෑමක් ඇතිවනු ඇති බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම යේමනයේ හවුති කැරලිකරුවන් හට සහය ලබාදී යේමනයේ පවතින ප්‍රශ්න දිග්ගැස්සීම පිළිබඳව ද ඉරානය ඇමෙරිකාවෙන් චෝදනා ලබා තිබේ.

මීට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ මෙම සම්බාධක ඒකපාර්ශ්වික හා නීති විරෝධී බවත් මීට එරෙහිව පියවර ගැනීමට ඉරානය ඉදිරියේදී කටයුතු කරන බවත්ය.