FAST NEWS

24×7 Around the Globe

“හාරලක්ෂ හැත්තෑහත්දහසක් රැකියා නැතිවෙලා තියනවා මේ අවුරුද්දට..”

වර්තමාන යහපාලන රජය ජනතාවට දුන් පොරොන්දු කඩ කරමින් කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ අනුරාධපුරයේ පැවති ජන හමුවකට එක් වෙමින් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අලුත්ම නීතිය මහින්ද රාජපක්ෂ මහත්තයා යන්නේ කොහේද ගන්නවා වාරණ නියෝග. දැන් පන්සලේ දායක සභාවේ දේශපාලඥයයෙක්ට ඉන්න තහනම්. ඇයි පන්සලේ දේශපාලනය කරන්න බෑ. උසාවි නියෝග ගන්න පුළුවන්. පෙරහැර කමිටුවට මන්ත්‍රිවරු නැත. මම දැක්කා ඊයේ පත්තරේ තියනවා බංගලිදේශයට 78ක් ගිහිල්ලා. අනේ කමක් නෑ පොලොන්නරුවේ ඉදන් රට පාලනය කරනවා කිව්වේ. අපි කැමතියි. එදා මහින්ද මහත්තයාගේ වාහනේ උඩින් යනවා කිව්වේ. මහින්ද මහත්තයා ඊට උඩින් යනවා කිව්වේ. අද කොහොමද? කරන්න බැරි බොරු කියන්න හොද නැහැනේ.

අද මේ ආණ්ඩුව දීපු හැම පොරොන්දුවක්ම කඩනවා. රැකියා දසලක්ෂයක් දෙනවා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපේ ගරු අගමැතිතුමාගේ රැකියා දසලක්ෂය කෙසේවෙතත් අගමැතිවරයා පත් කරපු අරජුන් මහේන්ද්‍රන්ගේ වාර්තා අනුව හාරලක්ෂ හැත්තෑහත්දහසක් රැකියා නැතිවෙලා තියනවා මේ අවුරුද්දට. ලක්ෂ දහයක් රස්සා දෙන්න ආවේ හාර ලක්ෂයක් ගෙදර.

කොළඹ නගරේ සිංගප්පූරුව කරනවා කිව්වා. හැබැයි කොළඹ හැම තැනම කුණු. ඩෙංගු මදුරුවෝ හැම තැනම. කෝ ආණ්ඩුව කතා කරනවා ද?”