FAST NEWS

24×7 Around the Globe

එජාප පසුපෙළ මන්ත‍්‍රීවරුන් අද රෑ මංගලගේ නිවසේ..

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතර විශේෂ හමුවක් අද (18) රාත‍්‍රීයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යවරයා ගේ කොළඹ පිහිටි නිවසේ පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් පක්ෂයේ සියලු පසුපෙළ මන්ත‍්‍රීවරුන්ට ඒ සඳහා ආරාධනා කර ඇති බවත් පැවසේ.

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපයයෙන් පසු පෙළ මන්ත‍්‍රීවරු දැඩි කළ කරීමට පත් වී ඇති බව මේ වන විට අනාවරණය වී තිබීම මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමට හේතු වී තිබෙන බව වාර්තා වේ.